IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අර්තාපල් වගාවට වනාතවිල්ලුවේත් සරු පොළොවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල සහ යාපනය යන ප්‍රදේශවල මේ වන විට සාර්ථකව අර්තාපල් වගා කරන අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයද අර්තාපල් වගාවට සුදුසු භූමියක් බවට සනාථ කර ගැනීමට හැකිවූ  බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලියු .එම් .එස් වන්නිනායක මහතා පැවසීය.

පුත්තලම වැනි උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයකට ගැලපෙන අර්තාපල් ප්‍රභේදයක් වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව අධ්‍යනයක නිරත වීමේන් පසුව “ප්‍රතඩා‘‘ නැමති අර්තාපල් ප්‍රභේදය වනාතවිල්ලුවට ගැලපෙන බවට තොරතුරු වලින් සනාථ වූ බව ඒ මහතා සඳහන් කළේය.

තෝරාගත් ගොවීන් පිරිසක් සමඟ අර්තාපල් ප්‍රබේද ගණනාවක් අරඹා එයින් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට වනාතවිල්ලුව ගොවිජන සේවා ඒකකයේ කෘෂිකර්ම උපදේශක කේ.රෝහිත සංජීව මහතා සමත් වී තිබේ .

සාර්ථකව අර්තාපල් වගාකරුවකු වන තුසිත රුවන් කුමාර මහතා මේ පිළිබඳව මෙසේ පැවැසීය.

        ‘‘මම අර්තාපල් වගාව මීට කලින් කර නැහැ. කෘෂිකර්ම උපදේශක මහත්තයාගේ උපදෙස් මත තමයි අපි මේ වගාව පටන් ගත්තේ. මේ වන විට වගාව ඉතාම සාර්ථක ලෙස සිදුකෙරෙනවා.

මුල් වතාවේ කිලෝ සියයක් විතර තමයි කළේ. ඉතින් ඉදිරියට මෙහිඇති සාර්ථකත්වය නිසා තව ප්‍රමාණයක් කරන්නයි බලාපොරොත්තුව. මීට කලින් වගාකළේ කැකිරි, කොමඩු, මෑ වැනි බෝග තමයි. නමුත් අලුත් අත්දැකීමක් නිසා අර්තාපල් වගාවට යොමු වුණා. දැනට අපි හිතුවටත් වඩා මෙම වගාව සාර්ථකව සිදුකරනවා.‘‘

වනාතවිල්ලුව ගොවිජන සේවා ඒකකයේ කෘෂිකර්ම උපදේශක කේ.රෝහිත සංජීව මහතා මෙසේ පැවැසීය.

    “මේ මේ කටයුත්ත සඳහා අපිට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විශේෂ සහයෝගයක් ලබා දුන්නා . එය මේ කටයුතු මේ ආකාරයෙන් කරගෙන යාමට හැකිවුණා . ඒ වාගේම මෙම කටයුත්තට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ ඇති එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මුල්‍ය දායකත්වය ලැබීම තවත් සාර්ථක වෙන්න පුළුවන් වුණා.

අනික මේ අර්තාපල් වගාව පුත්තලම දිස්ත්‍රික්කයට අලුත් දෙයක් නිසා වගාකරුවන් එකවර කැමති කර ගන්න බැරි වුණා . කෙසේ නමුත් මේ අභියෝගය ජය ගන්න සුදානම් පිරිසක් සමඟ සාර්ථක ගමනක් එන්න ලැබීමත් අර්තාපල් වගාව වනාතවිල්ලුවේ සාර්ථක කර ගන්න හැකිවිමත් ලොකු ජයග්‍රහණයක්‘‘ යැයි ඔහු පැවසිය.

 



අදහස් (9)

අර්තාපල් වගාවට වනාතවිල්ලුවේත් සරු පොළොවක්

chandima Wednesday, 06 March 2019 12:00 AM

වැඩේ අල්ලලා යනවානම් පහුවෙලා අලවිකරගන්න බැරුව කුනුවෙනවෝ කියලා කෑගහන්නේ නැතුව පොටටෝ චිප් වලට ෆ්‍රෙන්ච් ෆ්ර්යිස් වලට අලකපන මැසිමකුත් සවිකලා නම් කොළඹ හතේ නෝනලට, අත පුරා වියදම් කරලා උජාරුවට කන්න පුළුවන් කෑමක් හදන්න පුළුවනි,

:       0       179

කල්පනා Wednesday, 06 March 2019 01:19 AM

මෙතරම් සරු පොලොවක් තිබියදී නේද අපි පිටරටින් සෑම දෙයක්ම ගෙන්වන්නේ. දැන්වත් ආහාරවර්ග ආනයන කිරීම් නතරකර වගා කරමු

:       0       130

Perakum Wednesday, 06 March 2019 07:04 AM

උඩරට සහ යාපනයේ අර්තාපල් වගාව ඉතා සරුවට කෙරෙන බැවින් රටේ අවශ්‍යතාවය සැපයිය හැක. එසේ තිබියදී පිට රටින් අල ගෙන්වන්නේ ඇයි...? දැනටමත් යාපනයේ අල ගොවීන්ට අල විකුණා ගැනීම පිලිබඳ ගැටළු මතුවී ඇත. ආනයන බද්ද වැඩි කිරීම නොව ආනයනය මුළුමනින්ම තහනම් කල යුතුය.

:       0       112

NuwanWednesday, 06 March 2019 08:22 AM

එහෙම ආනයනය තහනම් කළොත් බලධාරීන්ට පඩියට අමතරව ගතමනාවක් ආනයන කරුවන්ගෙන් ලැබෙන්නේ නැහැනේ...

:       0       55

himalWednesday, 06 March 2019 10:06 AM

යම් රටකට යම් දෙයක් ආනයනය කෙරෙන්නේ එරටේ නිපදවන්න බැරි නිසාම නොවේ. ඒ රටේ නිපදවනවාට වඩා අඩු මිලකට ආනයනය කරන්න හැකි නම් නිරායාසයෙන්ම සිද්ධ වෙන්නේ ඒක.

:       69       10

PerakumThursday, 07 March 2019 08:23 AM

ඒකට තමයි හිමාල් රජයක් තියෙන්නේ. ජනතා සුබසිද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට රජය ඉදිරිපත්විය යුතුය. එසේ නොමැතිව නිරායාසයෙන් වෙන්න ඉඩ අරිනවනම් රජයක් මොකටද? විවෘත ආර්ථිකයට ඉඩදී බලා ඉමු.

:       28       130

diasTuesday, 12 March 2019 11:39 AM

අද ලංකාවේ ජනගහනයෙන් 25% යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ලංකාවේ ගොවීන් වවන්නේ මේ රටේ වැවිය හැකි බෝග වන අතර, ඒවා වඩා ලාභයි කියා පිටරටින් ගෙන්වන්නට පටන් ගත්තොත්, ඔබ යෝජනා කරන්නේ ලංකාවේ ගොවීන්ට හට, වගාව අත හැර උඩ බලා ගෙන සිටින්න කියාද?

:       0       34

Sumith Thursday, 07 March 2019 09:28 PM

ගොවියෝ අසරණයි. බලන්න මේ අයවැය. කෘෂිකර්මෙට සහන නැ. එළවලු ටික විකුණන්න බැරිව කුණු වෙනවා. ඒවාට විසදුම් නැ. ගොවි විශ්‍රාමේ රුපියල් 1200 මාසයක් කන්න. ඒ වුනාට සුනඛයන්ට මුදල් වෙන් කරලා.

:       19       192

rasika Friday, 08 March 2019 11:51 PM

ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලත් තියෙන්නේ විවෘත ආර්ථිකේ තමයි. ඒත් එරටේ වැවෙන්නේ නැති කිසිම දෙයක මහා පරිමාණයෙන් ආනයනය කරන්න දෙන්නේ නැහැ.. නිෂ්පාදනය කරන්න බැරි දෙයක් හෝ අඩු ප්‍රමාණය තම ආනයනය කරන්න ඉඩ දෙන්නේ. එක වතාවක් සුළි සුළගකින් රටේ කෙසේල් වගාව විනාශ වුණා. නමුත් කෙසෙල් පිටරටින් ගෙන්න දුන්නේ නැහැ... මිල ඉතාම ඉහල අගයකට ගියත්, ගොවීන්ව රැකගන්න ඕනේ නිසා පිටරටින් ගෙනාවේ නැහැ..

:       0       36

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 47 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 50 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site