IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හරීන්ගෙන් සජිත්ට පොරොන්දු පත්‍රයක්

(පාලිත ආරියවංශ)

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත අද (10) ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බදුල්ල විල්ස් ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමකදී ජනතාව ඉදිරියේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම පොරොන්දු පත්‍රය බාර දුන්නේය.

ඇමැති ධූරයක් හෝ මන්ත්‍රී ධූරයක් දරන කාලය තුළ තමාගේ පරිහරණයට කිසිඳු වාහනයන් ආනයනය නොකරන බවත් පාක්ෂිකයන්ගේ ජනමතය විකෘති කරමින් පක්ෂ මාරුවක් සිදු නොකරන බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දුන් පොරොන්දු පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.

යම් හෙයකින් තමාගේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ ප්‍රතිපත්ති අතර ගැටළු කාරී තත්ත්වයක් ඇති වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පොරොන්දු පත්‍රයේ සඳහන්විණි.



අදහස් (19)

හරීන්ගෙන් සජිත්ට පොරොන්දු පත්‍රයක්

Bamunuarachchi Sunday, 10 November 2019 01:44 PM

හලෝ පොරොන්දු වෙනවා... වාහන බලපත්‍ර ගන්නෙත් නැහැ. පෙන්ෂන් එක ගන්නෙත් නැහැ කියලා. හැබැයි වැටුප එපා කියලා ලිකර් පර්මිට් 2ක් විතර ගන්න එපා.

:       912       599

RaveendraSunday, 10 November 2019 08:37 PM

"බාගෙන කන වල ඉහගෙන කන" අයෙක් නොවීම එක අතකින් සතුටක්... මොකද හත්මුතු පරම්පරාවටම හොයා ගෙනනේ තියෙන්නේ... එකම දේ ඒ ටික මට ඇතියි කියන න්‍යායේ සිටීම...

:       1       1

කපිල වසන්ත කුමාර Sunday, 10 November 2019 02:10 PM

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු නෙවෙයි..., අද ඉඳලම කරලා පෙන්නන්න. කොහොමත් සජිත් දිනන්නේ නැති බව දන්න නිසා බය නැතුව කියනවා. පුළුවන් නම් ඉතුරු කාලෙදී ඔය කිසිම දෙයක් ගන්නේ නෑ කියලා කියන්න...

:       1603       1615

Chandi Sunday, 10 November 2019 02:49 PM

වැඩක් නැහැනේ... දිනන්නේ නැති බව හොඳටම දැනගෙන ඇයි මේ නිකන් රඟන්නේ...?

:       902       936

අතුල Sunday, 10 November 2019 03:02 PM

සජිත් ජනාධිපති නොවන බවට මීට වඩා තව මොන පොරොන්දුද?

:       902       781

Thilina Sunday, 10 November 2019 03:02 PM

පරාජයේ සලකුණු පේන්න අරන් වගේ.. දෙයියනේ අවුරුදු 5ක් තිස්සේ මේ මිනිස්සු කොහෙද හිටියේ? ඕවා කරන්න ඡන්දය එනකම්ම හිටපු හැටි.. මේ රටේ මිනිස්සු තමුන්ලාට බලය දුන්නේ ඔය විකාර කරන්න නෙමෙයි.. වැඩ කරන්න. ඒක නොකර දැන් දඟලලා වැඩක් නැහැ .. හොඳටම පරක්කුයි.

:       726       736

සුමනා Sunday, 10 November 2019 03:32 PM

බය නැතුව පොරොන්දු වෙන්න සෑර්...!!!

:       287       279

GAMARALA Sunday, 10 November 2019 04:19 PM

කොහොමටත් ඇමති වැටුප තමයි හම්බ වෙන්නේ... අනිත් අයත් පොරොන්දු වෙන්න. ඒ වගේම අවුරුදු 5ට අඩු අය පොරොන්දු වෙන්න අවුරුදු 5 ඉවර වෙනකම් පවතින රජයට සහයෝගය දෙනවා කියලා පොරොන්දු පත්තරයකට අත්සන් තබා දෙන්න.

:       20       129

Narada Sunday, 10 November 2019 05:46 PM

බෝම්බ ගැන දන්නවා නම් මිනිස්සුන්ට කියනවද?

:       306       235

kule Sunday, 10 November 2019 07:55 PM

එතකොට ලැබෙන දීමනා සහ වරප්‍රසාද ඉස්සෙල්ල ගෙදරදීම ඒවත් ඉවරයක් කරලා වැඩ පටන්ගන්න ඕනනේ...

:       1       1

sisira Sunday, 10 November 2019 10:21 PM

වැටුප් මොකටද? මේ අවුරුදු 5 තුළ හම්බකරපු සල්ලි තව ඇත..

:       1       5

nimaza Sunday, 10 November 2019 10:32 PM

බුදුන් උපන් දෙශයේ සාර්‍ධර්ම වල පිඩුසිඟා යාම කියන්නේ උතුම් පරමාදර්ශයක්. සජිත්ද ජනතාවගේ වැටුපින් ජීවත්වෙන්නේ නැති යයි පුරාජෙරු කියනවා. එයින් පෙන්වන්නේ හිත තුළ පවතින පුහු මාන්නයයි. රජෙකුට වුණත් එයාට පුලුවන්නම් කෑම වේලක්දීම මම කන්නේ ජනතාවගේ මුදලින් කියල අනතිමානී වන්න..

:       1       1

prakaash Sunday, 10 November 2019 10:55 PM

කඩවුණු පොරොන්දු තමයි.

:       1       2

ranjith Sunday, 10 November 2019 11:24 PM

හොද දෙයක් අගේ කරනවා හොරු උනත් තමන්ගේ පක්ෂයේ ඉන්නකොට අපේ මිනිස්සුන්ට ගානක් නැත

:       1       1

Bandara Monday, 11 November 2019 01:11 AM

බලාගෙන යද්දී හොඳ මිනිහෙක් වෙන්න වැඩිකල් යන්නේ නැහැ. හැබැයි ඡන්ද කාලයක් වෙන්න ඕනේ..

:       1       43

Sanka Monday, 11 November 2019 01:53 AM

හරීන්ගේ පොරොන්දුව හොඳ සත් ක්‍රියාවක්... මොකද සජිත් දැනටම කියනවා. මන්ත්‍රී වරප්‍රසාද, අධි සුඛෝපභෝගි වාහන, ඇමතින්ට ව්‍යාපාර තහනම් කිරීම, ඇමැති පවුල්වලට රැකියා නොදීම වැනි අතිවිශාල කෝටි ගණන් නාස්තිකාර මුදල් රටේම ජනජීවිතය නගාසිටුවන්න යොදවනවා කියලා. මෙතෙක් ලංකාවේ නිදහසෙන් පසු දේශපාලකයෝ කලේ මහජන ප්‍රකෝටි ගණන් මුදල් හොරකම විතරයි. සජිත්ගේ අවංක වැඩපිළිවෙලට සියලුම රටේ ජනතාව එකතුවී ජය තහවුරු කළ යුතුයි...

:       54       51

nimaza Monday, 11 November 2019 03:50 AM

මේ දෙන්නම පුරාජේරු බානවා. එයින් පෙන්වන්නෙ හිත තුල පවතින පුහු මාන්නයයි. බුදුන් උපන් දෙශයේ සාරධර්ම වල පිඩුසිගාකෑම කියන්නෙ උතුම් පරමාදර්ශයක්. රජෙකුට උනත් එයාට පුලුවන්නම් හෑම කෑම වේලක්දීම මම කන්නේ ජනතාවගෙ මුදලින් කියල නිහතමානි වෙන්න එය තමා අප සම්ප්‍රදාය විය යුත්තේ. ඔබ දේශපාලනයෙන් සමුගත යුතු වුයේ පාස්කු ප්‍රහාරයට පසු දාමය.

:       1       1

මුණසිංහ Monday, 11 November 2019 04:13 AM

මේ ටිකට හම්බ කරගත්තුවා මදැයි. පරම්පරා 7කට...

:       109       139

nimaza Monday, 11 November 2019 04:17 AM

ඇමැති හරින් ප්‍රනාන්දු මහතාද, සජිත්ද ජනතාවගේ වැටුපින් ජීවත්වෙන්නේ නැති යයි පුරාජේරු බානවා. එයින් පෙන්වන්නේ හිත තුළ පවතින පුහු මාන්නයයි. බුදුන් උපන් දේශයේ සාරධර්මවල පිඩුසිඟා කෑම කියන්නේ උතුම් පරමාදර්ශයක්. රජෙකුට වුණත් එයාට පුලුවන්නම් හැම කෑමවේලක්ම මම කන්නේ ජනතාවගේ මුදලින් කියලා අනතිමානීවන්න.. ඔබ දේශපාලනයෙන් සමුගත යුතු වූයේ පාස්කු ප්‍රහාරයට පසු දාමයි.

:       112       132

ඔබේ අදහස් එවන්න

දියත

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ
2022 දෙසැම්බර් මස 20 4703 2

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


එංගලන්තයට ලකුණු 20 ක ජයක්
2022 නොවැම්බර් මස 01 992 0

නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.


උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි
2020 ජනවාරි මස 22 253 0

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.


ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට
2020 ජනවාරි මස 05 329 0

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
2019 දෙසැම්බර් මස 17 3836 2

කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘
2019 නොවැම්බර් මස 10 354 0

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site